නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් වන ඉන්දු අමරමලී මහත්මිය සහ බිමල්කා රත්නජීව මහත්මිය හට සමුදීමේ සාදයක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022 සැප්තැම්බර් මස 15 වන දින නාවික හමුදා මූලස්ථානයේ ප්‍රදීපාගාර අවන්හලේ දී පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් ලෙස රාජකාරි කරන ලද කොමාණ්ඩර් (නාපාබල) එම්කේඩී ප්‍රියංකර සහ සේවා වනිතා අරමුදල් කළමණාකරු ලෙස රාජකාරි කරන ලද ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) එන්එච්වීආර් අමරතුංග යන නිලධාරීන් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් එම නිලධාරීන් සහ එම නිලධාරීන්ගේ භාර්යාවන් වන ඉන්දු අමරමලී මහත්මිය සහ බිමල්කා රත්නජීව මහත්මිය හට සමුදීමේ සාදයක් මෙලෙස 2022 සැප්තැම්බර් මස 15 වන දින ප්‍රදීපාගාර අවන්හලේ දී පැවැත්වීමට කටයුතු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ අධීක්‍ෂණ නිලධාරි ලෙස කටයුතු කරනු ලබන නාවික හමුදාධිපතිගේ නාවික සහායක රියර් අද්මිරාල් සුජීව සෙනෙවිරත්න, සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන් වන උදේනි කුලරත්න මහත්මිය, අනුෂා රත්නායක මහත්මිය, සන්ධ්‍යා ගුණසේකර මහත්මිය, ඉනෝකා වීරකෝන් මහත්මිය සහ සේවා වනිතා ඒකකයේ නව ලේකම් කොමාණ්ඩර් (නාපාබල) ඩීඑන්ඒ දේශප්‍රිය ඇතුළු සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වන ලදි.