ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකය යටතේ ක්‍රියාත්මක වන යෝගට් නිෂ්පාදන නාවික හමුදාව තුල වඩාත් ප්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරිව ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයේ ඉදිකරන ලද නව සේවා වනිතා යෝගට් ව්‍යාපෘති ගොඩනැගිල්ල සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහභාගීත්වයෙන් 2022 ඔක්තෝබර් මස 08 වන දින විවෘත කිරීමට කටයුතු කෙරිණි.
මෙම යෝගට් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය ජූනි මස 01 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් මුල්ගල් තැබීමෙන් පසු ආරම්භ කෙරිණි. ඒ අනුව, නාවික හමුදා තාක්ෂණික හා ශීල්පීය දායකත්වයෙන් ඉදි කිරීම් අවසන් කරන ලද මෙම යෝගට් ව්‍යාපෘති ගොඩනැගිල්ල, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහභාගීත්වයෙන් මෙලෙස 2022 ඔක්තෝබර් මස 08 වන දින විවෘත කිරීම සිදු කෙරිණි.
තවද, මෙම යෝගට් ව්‍යාපෘති ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිම කිරීම සඳහා දායක වූ නාවික පුද්ගලයන් වෙත සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමිය විසින් එහිදී සිය ප්‍රශංසාව පළ කිරීමද සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා අනූෂා රත්නායක මහත්මිය, නියෝජ්‍ය ආඥාපති (උමැ) කොමදෝරු නලින්ද්‍ර ජයසිංහ, විධාන නාවික පාබල නිලධාරි (උමැ) කොමාණ්ඩර් ලලිත් කුමාර, ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් ගංගනාත් ජයකොඩි හා අප්සරා ජයකොඩි මහත්මිය, සහකාර විනයාරක්ෂාධිපති (උමැ) කොමාණ්ඩර් හසන්ත කෝසල, විධාන සිවිල් ඉංජිනේරු නිලධාරි (උමැ) කොමාණ්ඩර් ප්‍රසාද් සුරවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් රැසක් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළුව ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් පිරිසක් සහභාගී වන ලදි.