ඉඩ පහසුකම් පුළුල් කර නව මුහුණුවරකින් ඉදිකරන ලද පණ්ඩුකාභය ආයතනයේ සේවා වනිතා සුභසාධක වෙළඳසැල විවෘත කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමියගේ සංකල්පයකට අනුව, නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයන්ගේ සුභසාධනය ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරි කර ගනිමින්, ශ්‍රිලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ සුභසාධක වෙළඳසැලේ ඉඩ පහසුකම් පුළුල් කර නව මුහුණුවරකින් ඉදිකරන ලද නාවික හමුදා සේවා වනිතා සුභසාධක වෙළඳසැල් ගොඩනැගිල්ල සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහභාගීත්වයෙන් 2022 ඔක්තෝබර් මස 07 වන දින විවෘත කිරීමට කටයුතු කෙරිණි.

තවද, ශ්‍රිලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ සේවා වනිතා සුභසාධක වෙළඳසැලේ ඉඩ පහසුකම් පුළුල් කර නව මුහුණුවරකින් සිදු කළ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා දායක වූ නාවික පුද්ගලයන් වෙත නාවික හමුදාධිපති විසින් එහිදී සිය ප්‍රශංසාව පළ කිරීමටද කටයුතු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා අනූෂා රත්නායක මහත්මිය, කොමදෝරු අධිකාරි ඉංජිනේරු දෙපාර්තමේන්තුව (උමැ) කොමදෝරු චන්දන බෝපාගොඩ, ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් නිශාන්ත රණවීර, ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරි කපිතාන් අරුණ වීරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් පිරිසක් ද සහභාගී වන ලදි.