නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව, නාවික හමුදා පුද්ගලයින්ගේ දුදරුවන් නැණවත් පරපුරක් බවට පත් කිරිමේ අරමුණින් සිදුකරනු ලබන පෙර පාසැල් ව්‍යාපෘතියේ තවත් එක් වැඩපිළිවෙලක් ලෙස, ශ්‍රිලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ පිහිටි නාවික හමුදා සේවා වනිතා පෙර පාසැල් ගොඩනැගිල්ල සඳහා ඉදි කල නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහ උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සුරතින් 2022 ඔක්තෝබර් මස 07 වන දින විවෘත කිරීමට කටයුතු කෙරිණි.
මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු පසුගිය ජූනි මස 01 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් මුල්ගල් තැබීමෙන් පසු ආරම්භ කෙරිණි. ඒ අනුව, නාවික හමුදා තාක්ෂණික හා ශීල්පීය දායකත්වයෙන් ඉදිකිරීම් අවසන් කරන ලද මෙම සේවා වනිතා දිවා සුරැකුම් මධ්‍යස්ථානය, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමියගේ සහ උතුරු මැද නාවික විධානයේ ආඥාපති ගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සුරතින් මෙලෙස 2022 ඔක්තෝබර් මස 07 වන දින විවෘත කිරීම සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා අනූෂා රත්නායක මහත්මිය, කොමදෝරු අධිකාරි ඉංජිනේරු දෙපාර්තමේන්තුව (උමැ) කොමදෝරු චන්දන බෝපාගොඩ, ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් නිශාන්ත රණවීර, ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරි කපිතාන් අරුණ වීරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් රැසක් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළුව ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් පිරිසක් සහභාගී වන ලදි.