ලෝක ළමා හා වැඩිහිටි දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයෙන් සමාජ සත්කාරයක්

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයක් මත, 2022 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදුනු ලෝක ළමා හා වැඩිහිටි දිනයට සමගාමීව, නාවික හමුදා සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයෙකුගේ ඉල්ලීමකට අනුව ඔහුගේ රෝගී තත්වයේ සිටින පියාගේ පරිහරණය සඳහා, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් වි‍ශේෂ පහසුකම් සහිත රෝද පුටුවක් පරිත්‍යාග කිරීම 2022 ඔක්තෝබර් මස 05 වන දින සිදු කෙරිණි.

ඒ අනුව, පාලක ප්‍රධාන සුළු නිලධාරී එච්එම්ඩීබී හේරත් යන ජ්‍යෙෂ්ඨ නාවිකයා විසින් තම පියාගේ රෝගී තත්වය හේතුවෙන් වැසිකිලි පහසුකම් සහිත රෝද පුටුවක් ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීමට අනුව, අදාල විශේෂ පහසුකම් සහිත රෝද පුටුව ඔක්තෝබර් මස 05 වන දින සේවා වනිතා කාර්යාලයේදී, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.