නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි චන්දිමා උළුගේතැන්න මහත්මියගේ උපදෙස් පරිදි 2022 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදුනු ලෝක ළමා දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු සේවා වනිතා නාවික පෙර පාසලෙහි ඉගෙනුම ලබන දු දරුවන් වෙනුවෙන් ළමා වැඩසටහනක් 2022 ඔක්තෝබර් මස 03 වන දින පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, මෙම වැඩසටහන ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංනානෞ ගැමුණූ පෙර පාසල් පරිශ්‍රයේ පැවැත්වීමට කටයුතු කරන ලද අතර, දූ දරුවන්ගේ ගායන, නර්ථන අංගයන් සහ වෙනත් රසාස්වාදන වැඩසටහන්වලින් සමන්විත වූ මෙම උත්සවය අවසානයේදී දරුවන් වෙත ත්‍යාග ලබාදීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණියගේ සුරතින් සිදු කරන ලදි.
තවද, මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපතිතුමන්ගේ බිරිඳ, ඉනෝකා වීරකෝන් මහත්මිය, නාවික අණභාර නිලධාරි (වැලිසර) කොමදෝරු රොෂාන් අතුකෝරළ ඇතුළු නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.