ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් හඳපානාගල මෙත් සේවා පදනමෙහිදී විශේෂ වැඩසටහනක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි චන්දිමා උළුගේතැන්න මහත්මියගේ උපදෙස් පරිදි 2022 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදුනු ලෝක ළමා හා වැඩිහිටි දිනයට සමගාමීව හඳපානාගල මෙත් සේවා පදනමෙහි නේවාසිකව සිටින ළමුන් සහ වැඩිහිටියන් වෙනුවෙන් දිවා ආහාරය ලබාදීම සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යය ලබාදීමේ වැඩසටහනක් 2022 ඔක්තෝබර් මස 01 වන දින ක්‍රියාත්මක කෙ‍රිණි.

තවද, මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමේදී නේවාසික පුද්ගලයින්ගේ රසාස්වාදය උදෙසා වූ සංගීතමය වැඩසටහනක්ද ක්‍රියාවට නැංවූ අතර, මෙම වැඩසටහන සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණිය, චන්දිමා උළුගේතැන්න මැතිණිය, විධායක කමිටු සාමාජිකාවන් ඇතුළු සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සහභාගී වන ලදී.