නවීකරණය කළ වැලිසර සේවා වනිතා රූපලාවන්‍යාගාරය නව මුහුණුවරකින් ආරම්භ කෙරේ

වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ස්ථාපිත සේවා වනිතා රූපලාවන්‍යාගාරය නවීන අංගෝපාන්ගයන් සහිතව නවීකරණය කිරීමෙන් පසු නව මුහුණුවරකින් ආරම්භ කිරිම, 2022 සැප්තැම්බර් මස 02 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ඒ අනුව, සේවා වනිතා ඒකකයේ ගරු සභපතිතුමියගේ සංකල්පයකට අනුව නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට මෙන්ම අනෙකුත් සිවිල් පුද්ගලයන්ටද වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා සේවා වනිතා රූපලාවන්‍යාගාරය නවීකරණය කර මෙලෙස නව මුහුණුවරකින් ආරම්භ කෙරුණි.

මෙම අවස්ථාව සඳහා සේවා වනිතා විධායක කමිටු සාමාජිකා ඉනෝකා වීරකෝන් මැතිණිය, හිටපු සාමාජිකාවක් වන ශිරෝමී සිගේරා මැතිණිය, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ විධායක නිලධාරී සහ සේවා වනිතා ඒකකයේ කාර්යය මණ්ඩලයේ පිරිසක් සහභාගී වී සිටියහ.