ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ සේවය කරනු ලබන නාවික සිවිල් සේවක ඩීආර්සී ද සිල්වා මහතාගේ, ස්නායු ආබාධයකින් පීඩා විඳින දියණියගේ ආයුර්වේද ප්‍රථිකාර සඳහා වන අධික පිරිවැයට සහනයක් වශයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් මුල්‍යමය ආධාරයක් පිරිනැමීම 2022 අගෝස්තු මස 31 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ඒ අනුව, තම දියණියගේ ප්‍රථිකාර සඳහා මාසිකව දැරීමට සිදුවන අධික පිරිවැය සඳහා සහනයක් සලසන ලෙස එම සිවිල් සේවක මහතා විසින් නාවික හමුදා සේවා වනිතා ඒකකය වෙතින් සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ලබාදුන් එම මූල්‍යමය ආධාරය සඳහා වන ප්‍රේෂණපත මෙලෙස ඔහු වෙත පිරිනැමීමට කටයුතු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගී වී සිටින ලදි.