රාජකාරියේ යෙදී සිටියදී මිය ගිය ජ්‍යෙෂ්ඨ නාවිකයෙකුගේ යැපෙන්නන් හට නාවික හමුදා සේවා වනිතා ඒකකයෙන් නිවසක්

රාජකාරියේදී මියගිය සහ ආබාධිත තත්වයට පත් නාවිකයින් හට නිවසක් ඉදිකර දීමේ ව්‍යාපෘතිය යටතේ, රාජකාරියේදී මියගිය සුළු නිලධාරි ඩබ්ඒජේ සම්පත්සිරි, එක්ස්එස් 51840 දරණ ජ්‍යෙෂ්ඨ නාවිකයාගේ පවුලේ සාමාජිකයින් හට සේවා වනිතා ඒකකයේ මුල්‍යමය දායකත්වයෙන් අඩක් ඉදි කරන ලද නිවසේ ඉතිරි ඉදිකිරිම් නිම කර භාරදීම, 2022 සැප්තැම්බර් මස 01 දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා විධායක කමිටු සාමාජිකා ඉ‍නෝකා වීරකෝන්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික විශේෂ බළකා කපිතාන් (වියාබ) ටීජීටී දමින්ද, ශ්‍රීලංනානෞ මහසෙන් ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් ටීඅයිපී ප්‍රනාන්දු, සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ කාර්යය මණ්ඩලයද සහභාගී වී සිටියහ.