ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතන තුළ අභිනවයෙන් ඉදිකරන ලද ආපනශාලාව, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් 2022 ජූලි මස 26 වන දින විවෘත කරන ලදී.
නාවික හමුදා මූලස්ථානයට සහ ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයට අනුයුක්තව රාජකාරි කරනු ලබන නාවික පුද්ගලයන්ගේ සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දෛනික පරිභෝජන අවශ්‍යතා සඳහා ආහාර හා කෙටි ආහාර සහනදායී මිලකට ලබාදීමේ අරමුණින් මෙම ආපනශාලාව මෙලෙස විවෘත කෙරිණි.
මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සභාපතිණියගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, සියළුම ධජ නිලධාරින්, බටහිර නාවික පෙදෙස භාර ආඥාපතිතුමන්, සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, අනෙකුත් කමිටු සාමාජිකාවන්, ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරි තුමන් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.