නාවික හමුදා පුද්ගලයින්ගේ සුභසාධනය ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ රෝහණ ආයතනය තුළ අභිනවයෙන් ඉදිකරන ලද සේවා වනිතා සුභසාධක වෙළඳසැල නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී චන්දිමා උළුගේතැන්න මහත්මිය විසින් 2022 ජූලි මස 25 වන දින විවෘත කෙරිණි.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකා කුමාරි ඒකනායක මහත්මිය, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කොමදෝරු පූජිත විතාන සහ එම මහත්මිය, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පුහුණු කපිතාන් චන්දන ප්‍රියන්ත සහ එම මහත්මිය, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සැපයුම්, කපිතාන් කීර්ති රත්නායක, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ රෝහණ ආයතනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් දිල්හාන් පෙරේරා ඇතුළු එම ආයතනයේ නිලධාරීන්, සහ නාවික හමුදා සේවා විනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.