නාවික හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු නියෝජ්‍ය සභාපතිණිය සමුගනී

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු නියෝජ්‍ය සභාපතිණී ශ්‍යාමා තිලකරත්න මැතිණිය විසින් සේවා වනිතා ඒකකයේ උන්නතිය වෙනුවෙන් ඉටු කරන ලද ප්‍රශංසනීය මෙහෙවර අගයමින් ඇයට සමුදීමේ උත්සවයක් 2022 ජුලි මස 18 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී, චන්දිමා උළුගේතැන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් උස්වැටකෙයියාව මලීමා ක්ලබ් හවුස්හිදී පැවැත්විණි.

නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ ගායන, වාදන සහ නර්ථන අංගයන්ගෙන් එම උත්සවය වර්ණවත් වූ අතර, එහිදී නියෝජ්‍ය සභාපතිණී ශ්‍යාමා තිලකරත්න මැතිණිය විසින් සිදුකළ මෙහෙවර අගයමින් වත්මන් සභාපතිණිය විසින් සමරු තිළිණයක් පිළිගැන්වීමද සිදු කෙරිණි.

තවද, මෙම සමුගැනීමේ උත්සවය සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, කාන්තා නිලධාරිණියන් මෙන්ම සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයද සහභාගීවී සිටියහ.